උපන් ලප හෙළි කරන ජීවිත රහස්‌

පුද්ගලයකුගේ අඟ පසඟ පිහිටීම අනුව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කෙනෙකුගේ චරිත ස්‌වභාවයන් කිව හැකි සේම කෙනෙකුගේ ශරීරයේ පිහිටන උපන් ලප අනුව ද චරිත ලක්‍ෂණ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. ශරීරයේ පිහිටන මෙම උපන් ලප පිළිබඳව නොයෙකුත් මති මතාන්තර ඇත. මේවායෙහි ශාස්‌ත්‍රීය තත්ත්වයන් ද නැතිවා නොවේ.
නලලේ කැලල් හා නියමල් ද උපන් ලප ගණයටම ගැනේ. යම් ස්‌ත්‍රියකගේ නලලේ මැද ලපයක්‌ පිහිටියේ නම් එය තම සැමියාට සැප සම්පත් ලබා දෙන සමාජයේ ගරු බුහුමන් ලබා දෙන කුලාචාර කාන්තාවකට පිහිටන සුබ ලකුණකි. ස්‌ත්‍රියකගේ තද කලු පාට ලපයක්‌ සමඟ රෝම ගසක්‌ දැක්‌වේ නම් ඇය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම පත්වන අතර සුවිශේෂ පුද්ගලයකුගේ විවාහයකට පත්වෙයි. එමෙන්ම ඇය සැමගේ ආදරයට ද පාත්‍ර වේ. ධනය, බලය ලබන්නියක්‌ වන අතර රටේ කීර්තියට ද පත්වෙනු ඇත.




උපන් ලප හෙලි කරන රහස්

පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක්‌ පිහිටීම සෞභාග්‍යය පෙන්වන සංකේතයක්‌ වන අතර වම් උරහිසෙහි ඇති උපන් ලපය ගුණහීන පුද්ගලයකු හඳුන්වා දෙයි. දකුණු උරහිසෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ පිහිටීම සුබ ලකුණක්‌ වන්නේය. වම් උරහිසෙහි එවැනි ලකුණක්‌ තිබීම සුබ නොවේ. වම් උරෙහි උපන් ලපයක්‌ ඇති කාන්තාව ස්‌වාමිපුරුෂයාට ප්‍රිය වන්නීය. දකුණු උරෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීමෙන් දිගු කල් ජීවත්වෙන ඉසුරුබවින් පිරුන කාන්තාවක්‌ පෙන්නුම් කරයි. අත්ලෙහි උපන් ලපයක්‌ ඇති පුද්ගලයා අනුන්ගේ සිත් දිනා ගැනීමට සමත් සෘජු ප්‍රතිපත්ති ඇති අයෙක්‌ වේ. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහයකට හිමිකම් ලබන්නීය. දකුණු අත්ලෙහි තල කැලලක්‌ ඇත්නම් වස්‌තු භංගත්වයක්‌ ද, වම් අත්ලෙහි එවැනි ලකුණක්‌ ඇත්තේ නම් නෑදැයන්ගේ ගෞරවයට පාත්‍ර වන බව ද දත යුතුය. කාන්තාවකගේ ඇඟිලිවල උපන් ලප ඇතිවීම අසහනය පෙන්වන පිහිටීමක්‌ වේ.

ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ දෙබැමවල ඇති ලප ඉතාම අභාග්‍ය සම්පන්න කරදරකාරී ජීවිතයක්‌ පෙන්වන ලකුණකි. දෙබැම අතර පිහිටීම කාමයට දැඩි ලොල් බවක්‌ පෙන්නුම් කරයි. එසේම දුර්ජන සිතිවිලිවලින් ගහන වූ හදවතක්‌ හිමිය. ඇස්‌ පිහාටුවල එවැනි ලප බොහෝ දුරට දුක, කනගාටුව ගෙන දෙයි. නාසයේ දකුණු පැත්තේ උපන් ලපයක්‌ ඇති වීම අවාසනාව පෙන්නුම් කරයි. වම් පැත්තේ පිහිටීම ඉසුරු සම්පත් ලැබෙන පිහිටීමක්‌ වනු ඇත. කොපුල් තලයේ පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමටද, සංගීත කලා අංශවලට දක්‍ෂ බව ද පෙන්නුම් කරයි. නිකටේ උපන් ලප පිහිටීම වාසනාව ගෙනදෙයි. බෙල්ලේ වම්පස උපන් ලපයක්‌ පිහිටියේ නම් ආයුධ සම්බන්ධ කැපුම් කෙටුම්වලට භාජනය වීමද, බෙල්ලේ දකුණුපස සල්ලාල ජීවිතයක ලක්‍ෂණ ද පෙන්නුම් කරයි. හෘදයේ ලප පිහිටීම දරුලාභ, මිත්‍රලාභද, උරෙහි පිහිටීම නෑදැයන් අතර ආරවුල්ද, කිහිලිවල ධනය, දියුණුව, සැප සම්පත් විනාශවීමද පෙන්නුම් කෙරෙයි. පිටෙහි උපන් ලපයක්‌ පිහිටීම ද වාසනාවන්තය. සෘජු අදහස්‌ ඇති කිසිවෙකුට යටත් නොවී ජීවත්වන අයෙක්‌ වෙයි. මැණික්‌ කටුව ප්‍රදේශයෙහි නම් කීකරු මනා සංයමයකින් ජීවත්වන අයෙක්‌ බව පෙන්නුම් කරන අතර අත් දෙකෙහි එවැනි ලකුණක්‌ පිහිටීම මැණික්‌, ඉඩකඩම් ලාභ පෙන්නුම් කරයි.


සුරා පානයට ගිජු පුරුෂයාගේ තොල්වල උපන්ලප දිස්‌වෙන බව ශාස්‌ත්‍රීය නිගමනයයි. පුරුෂයකුගේ තොලෙහි ඉන්නෙකු පිහිටීම සමාජශීලී ගතිය පෙන්නුම් කරයි. තොලෙහි උපන් ලපයක්‌ පිහිටි කාන්තාව අන් අයගේ ඕපදූප සොයමින් ගත කරන කේලාම්කාරියක්‌ බව කියනු ලැබේ. තොලෙහි ඉන්නෙක්‌ හෝ තල කැලලක්‌ ඇත්තේ නම් මෙවුන්දම් සේවනයෙහි සීමා රහිත ආශා ඇති ගැහැනියක්‌ ලෙස හඳුනාගත හැකියි. ශරීරය පුරා විසිරී ගිය අධික කළු ලප වලින් ලේ දූෂ්‍ය අසනීප, ඉක්‌මන් කෝප ගතිය, ස්‌වකීය මතයම අභිමත අයකු වේ. බෙල්ලෙහි ලප දිස්‌වීම, විවාහ සැප සම්පත් අඩු වී යැමට හේතු වන අතර නිතර සිත් වේදනාවෙන් කල් ගෙවන අයෙක්‌ බව දැක්‌වෙයි. අත්ලේ බුධ මණ්‌ඩලයේ කළු ලප ඇති වී නම් අධ්‍යාපනයට බාධා ගෙන දෙන සලකුණකි. රවි මණ්‌ඩලයේ කළු ලප පිහිටියේ නම් ඔහු හෝ ඇය බියගුළු ගති ඇති නීතියට බිය ඇති අයෙක්‌ කරවයි. කුජ මණ්‌ඩලයේ කළු ලප වැටීම බන්ධනාගාරගත වීමට හේතු පෙන්වන අභාග්‍යසම්පන්න පිහිටීමකි. සිකුරු මණ්‌ඩලයේ හා දකුණු අත්ලෙහි මැද පිහිටි කළු ලප වලින් අසාර්ථක විවාහයත්, චිත්ත පීඩා හා ධන නාස්‌තිය ද, පෙන්නුම් කරයි. ඇඟිලිවල උපන් ලප ඇත්තේ නම් ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙකු වියහැක. අත්ලෙහි උපන් ලපයක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටි වනිතාව උසස්‌ විවාහ සැපතක්‌ ලබන්නීය. සිනිඳු වූත්, මට සිළුටු වූත්, වෘත්තාකාර වූත්, ශෝභාව ගෙන දෙන ලපයක්‌ හිසෙහි ඇත්නම් එය ජීවිතයේ මැදි වයසේදී හදිසි ධන ලාභයක්‌ ගෙන දෙන ලකුණකි. හිස මුදුනේම එය පිහිටා ඇත්තේ නම් ධන ලාභ කීපයක්‌ ම හිමිවිය හැක.
උපුටා ගැනීමකි.
You will be redirected to the script in

seconds