Verify You PayPal Account

PayPal Sri Lanka
පේපල් වෙරිෆයි කරගන්නෙ ඇයි?
  1. ඔන්ලයින් Buy කරන්න.
  2. Sending / Receiving ලිමිට් අවම කරගන්න.
  3. බැංකු ගිනුමට මුදල් ලැබීමට හැකි වීම
  4. ඔන්ලයින් Sell කිරීමට හැකි වීම. 
  5. විශ්වාසය 
පේපල් වෙරිෆි කරගන්න පුලුනවන් ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් වර්ග








  • Visa Credit/Debit.
  • MasterCard Credit/Debit.
  • AmEx Credit/Debit.
  • Discover Credit/Debit.

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවෙදි සල්ලි කරගන්නෙ කොහොමද?

Master Card Srilanka

ඇඩ්සෙන්ස් හැරුනහම වෙනත් ෆ්‍රීලන්සර් වගේ සයිට් වලින් උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්නෙ කෙහොමද? මේකට ක්‍රම කිහිපයක්ම තියෙනව. 
  1. චෙක්පත් මගින් (Bank Check)
  2. ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් (Visa , Master Card)
  3. පයනීර් මාස්ටර් කාඩ් එකක් මගින් (Payoneer MasterCard)
ගොඩක් අය හිතන්නෙ පේපල් ගිනුමක් හදාගෙන ඒකෙන් මුදල් ලංකාවට ගන්න පුලුවන් කියල, එත් ඒක එච්චරම ලේසි නැහැ. මොකද පේපල් වල සියලු පහසුකම් ලංකාවට දීල නැහැ. ඒ නිසා අපට පේපල් තුලින් ලංකාවට මුදල් ගෙන්න ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. (හොරට ගෙන්න ගන්න බැරිකමකුත් නෑ)
මේ දවස්වල ඔයාල apply කරොත් $25 ක බෝනස් එකක් ලැබෙනව. (ඒක ලැබෙන්නෙ ඔයාලගේ ගිනුමට $100 ක් දැම්මට පස්සෙ විතරයි.)
මුල්න්ම ඔයාල Payoneer කාඩ් එකක් හදාගන්න ඕන. මේ කාඩ් ලබාදෙන්නෙ පහලින් තියෙන බැංකු වලින්. මගෙ එකනම් ආවෙ First Century Bank එකෙන්. 
  • Choice Bank.
  • First Covenant Bank.
  • First Century Bank. 
ඒක දෙන්නෙ නිකම්. හැබැයි කාඩ් එක නිකම්ම ගෙදරට එව්වට ඒක ඇක්ටිව් කරගන්න ටිකක් වියදම් කරන්නත් වෙනව. එහෙම කරන්න බැරිනම් කාඩ් එකට ඉල්ලුම් නොකර ඉන්න එක ලංකාවට හොදයි. මොකද කාඩ් දෙන්නෙ ඒ බැංකු යමක් බලාපොරොත්තුවෙන්, ලංකාවෙ අය කාඩ් අරන් නාස්ති කරොත් මේක ලංකාවට තහනම් කරන්නත් පුලුවන් සමහරවිට.

Payoneer කාඩ් එකකින් ඔබට ඇති වාසි,
  1. කෙලින්ම Payoneer වලට සමහර සයිට් වලින් Withdraw කිරීමට ඇති හැකියාව.
  2. 100% නීත්‍යානුකූලයි.
  3. ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි වීම.
  4. Paypal වලට නොගෙවන මුදල් ලබා ගැනීම.
  5. පේපල් වල මුදල් ලංකාවේ ATM හරහා ලබා ගැනීම.
  6. Online pay , Shopping , ebuy කිරීමට අවස්ථාව ලැබීම.
  7. අවම Card fees.

  • කාඩ් එක සක්‍රිය කිරීමේ ගාස්තුව - $12.99
  • අලුත් කාඩ්පතක් ලබාගැනීමේදී (Replace)- $12.99 
  • සාමාන්‍ය මුදල් දැමීමකදී $2.00 දින දෙකකින් යනව.(දිගින් දිගටම මුදල් දැමීමේදී මෙහි අගය අඩු වේ.)
  • හදිසි මුදල් දැමීමකදී $5.00 පැය දෙකක් ඇතුලට කාඩ් එකට ලොඩ් වෙනවා.
  • කාඩ් එකේ දිගින් දිගටම සල්ලි තිබුනොත් නඩත්තු ගාස්තු වශයෙන් $3 ක් කැපෙනවා.
  • ATM තුලින් මුදල් ගැනීමේදී $3ක් කැපෙනවා.
  • කාඩ් එකේ තියෙන ගාන බලන්න $1.
  • Online Purchase කිරීම Free.
දැන් සල්ලි අතට ගන්න හරිම ලේසියි.
පේපල් වල තියෙන මුදල් Payoneer වලට යවන්න > Payoneer Master Card එකට Load කරන්න > ලංකාවේ ATM එකකින් මුදල් කරගන්න


කාඩ් එකට ඇප්ලයි කරනකොට සේරම ඇත්ත තොරතුරු දෙන්න.
මෙතනින් ගිහින් ඇප්ලයි කරන්න - Payoneer-Apply
  • උපන් දිනේ හරියට දාන්න.
  • National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  • Last Name එකට වාසගම දාන්න.
  • ගෙදර Address එක හරියට දාන්න.
  • දුරකථන අංකය දෙන්න.
  • Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  • Username එකයි, Password එකයි, Security Question එකයි ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. නැත්තම් කොහෙහරි ලියාගන්න.
සතියකින් දෙකකින් වගේ ගෙදරට ලියුමක් එයි. කාඩ් එකත් එක්ක අමුනල එවල තියන ලිවුමෙ කාඩ් එක ඇක්ටිව් කරගන්න විස්තරේ තියෙනව. 


You will be redirected to the script in

seconds