Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

ඔබ අන්තර්ජාලයෙන් උපයන මුදල් ලංකාවෙදි සල්ලි කරගන්නෙ කොහොමද?

Master Card Srilanka

ඇඩ්සෙන්ස් හැරුනහම වෙනත් ෆ්‍රීලන්සර් වගේ සයිට් වලින් උපයන මුදල් ලංකාවට ගෙන්න ගන්නෙ කෙහොමද? මේකට ක්‍රම කිහිපයක්ම තියෙනව. 
  1. චෙක්පත් මගින් (Bank Check)
  2. ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් (Visa , Master Card)
  3. පයනීර් මාස්ටර් කාඩ් එකක් මගින් (Payoneer MasterCard)
ගොඩක් අය හිතන්නෙ පේපල් ගිනුමක් හදාගෙන ඒකෙන් මුදල් ලංකාවට ගන්න පුලුවන් කියල, එත් ඒක එච්චරම ලේසි නැහැ. මොකද පේපල් වල සියලු පහසුකම් ලංකාවට දීල නැහැ. ඒ නිසා අපට පේපල් තුලින් ලංකාවට මුදල් ගෙන්න ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් නැහැ. (හොරට ගෙන්න ගන්න බැරිකමකුත් නෑ)
මේ දවස්වල ඔයාල apply කරොත් $25 ක බෝනස් එකක් ලැබෙනව. (ඒක ලැබෙන්නෙ ඔයාලගේ ගිනුමට $100 ක් දැම්මට පස්සෙ විතරයි.)
මුල්න්ම ඔයාල Payoneer කාඩ් එකක් හදාගන්න ඕන. මේ කාඩ් ලබාදෙන්නෙ පහලින් තියෙන බැංකු වලින්. මගෙ එකනම් ආවෙ First Century Bank එකෙන්. 
  • Choice Bank.
  • First Covenant Bank.
  • First Century Bank. 
ඒක දෙන්නෙ නිකම්. හැබැයි කාඩ් එක නිකම්ම ගෙදරට එව්වට ඒක ඇක්ටිව් කරගන්න ටිකක් වියදම් කරන්නත් වෙනව. එහෙම කරන්න බැරිනම් කාඩ් එකට ඉල්ලුම් නොකර ඉන්න එක ලංකාවට හොදයි. මොකද කාඩ් දෙන්නෙ ඒ බැංකු යමක් බලාපොරොත්තුවෙන්, ලංකාවෙ අය කාඩ් අරන් නාස්ති කරොත් මේක ලංකාවට තහනම් කරන්නත් පුලුවන් සමහරවිට.

Payoneer කාඩ් එකකින් ඔබට ඇති වාසි,
  1. කෙලින්ම Payoneer වලට සමහර සයිට් වලින් Withdraw කිරීමට ඇති හැකියාව.
  2. 100% නීත්‍යානුකූලයි.
  3. ලංකාවේ ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි වීම.
  4. Paypal වලට නොගෙවන මුදල් ලබා ගැනීම.
  5. පේපල් වල මුදල් ලංකාවේ ATM හරහා ලබා ගැනීම.
  6. Online pay , Shopping , ebuy කිරීමට අවස්ථාව ලැබීම.
  7. අවම Card fees.

  • කාඩ් එක සක්‍රිය කිරීමේ ගාස්තුව - $12.99
  • අලුත් කාඩ්පතක් ලබාගැනීමේදී (Replace)- $12.99 
  • සාමාන්‍ය මුදල් දැමීමකදී $2.00 දින දෙකකින් යනව.(දිගින් දිගටම මුදල් දැමීමේදී මෙහි අගය අඩු වේ.)
  • හදිසි මුදල් දැමීමකදී $5.00 පැය දෙකක් ඇතුලට කාඩ් එකට ලොඩ් වෙනවා.
  • කාඩ් එකේ දිගින් දිගටම සල්ලි තිබුනොත් නඩත්තු ගාස්තු වශයෙන් $3 ක් කැපෙනවා.
  • ATM තුලින් මුදල් ගැනීමේදී $3ක් කැපෙනවා.
  • කාඩ් එකේ තියෙන ගාන බලන්න $1.
  • Online Purchase කිරීම Free.
දැන් සල්ලි අතට ගන්න හරිම ලේසියි.
පේපල් වල තියෙන මුදල් Payoneer වලට යවන්න > Payoneer Master Card එකට Load කරන්න > ලංකාවේ ATM එකකින් මුදල් කරගන්න


කාඩ් එකට ඇප්ලයි කරනකොට සේරම ඇත්ත තොරතුරු දෙන්න.
මෙතනින් ගිහින් ඇප්ලයි කරන්න - Payoneer-Apply
  • උපන් දිනේ හරියට දාන්න.
  • National ID එකේ තියෙන විදිහට නම ලියන්න.
  • Last Name එකට වාසගම දාන්න.
  • ගෙදර Address එක හරියට දාන්න.
  • දුරකථන අංකය දෙන්න.
  • Security Question එකට දාන ප්‍රශ්ණය හොඳට මතක තියාගන්න.
  • Username එකයි, Password එකයි, Security Question එකයි ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. නැත්තම් කොහෙහරි ලියාගන්න.
සතියකින් දෙකකින් වගේ ගෙදරට ලියුමක් එයි. කාඩ් එකත් එක්ක අමුනල එවල තියන ලිවුමෙ කාඩ් එක ඇක්ටිව් කරගන්න විස්තරේ තියෙනව. 


How to use key board & Sinhala + Typing

යිප් කරනව කිවට, මම ඔයාලට ෆොටෝෂොප් ටිකකුත් කියල දෙන්නයි හදන්නෙ. ගොඩක් අය කැමතියි සිංහලෙන් ටයිප් කරන්න නේද? ඒත් ගොඩක් අය ටයිප් කරන්න දන්නෙ නෑ සමහර අය ටයිප් කලත් ඒවා හරි විදිහට නෙමෙයි ටයිප් කරන්නෙ. ඒ කීවෙ නියම විදියට කීබෝඩ් එක පාවිච්චි කරන්නෙ නෑ. සිංහල අකුරු ටිකක් කොටා ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. ඒවගෙන් වැදගත් ටිකක් මම ඔයාලට කියල දෙන්නම්.හැමොටම තේරෙන සිංහලෙන් කියල පැහැදිලි ව මෙතන තියෙනව.ඒ නිසා ඕනම කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් නොවෙයි කියල මම හිතනව.
යුනිකෝඩ් කන්වර්ටර්
සමහරවිට ඔයාල යුනිකෝඩ් කන්වර්ටර් පාවිච්චි කරල සිංහල ටයිප් කරල ඇති නේද? ඒත් මම නම් කියන්නෙ යුනිකෝඩ් කන්වර්ට්ර් පාවිච්චි කරන එක ප්‍රාථමික දෙයක්. ඒකට හුරු වෙලා ඉන්නවනම් ඒක දැම්මම නතර කරන එක ඔයාලට වටිනවා. මොකද කියනවනම්, යුනිකෝඩ් කන්වර්ටර් වලින් ටයිප් කරන ඒවා ගනන් ගන්නෙ නෑ කවුරුවත්. කිසිම වැඩකට නැති දෙයක් මටනම්. යුනිකෝඩ් ගැන නොදන්න අයට මෙතනින් ඒක බලාගන්න පුලුවන්.
ඉස්කෝල පොත
මේක තමයි ෆේස්බුක් වල වගේම හැම තැනකටම සිංහල පොවන වැඩි දෙනෙක් පාවිච්චි කරන කීබෝඩ් layout ෆොන්ට් එක. මේක ඉගෙන ගන්න එක හරිම ලේසියි.. ඒ වගේම වටිනව. මේකට නම් පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන වෙනව. මෙන්න මෙතනින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..
sinhala keyboard layout danukazone සිංහල කීබෝඩ් දනුක සෝන්

  • යුනිකෝඩ් ගැන නම් කියල දෙන්න තරම් දෙයක් නැහැනෙ. අපි බලමු ඉස්සෙල්ලම "ඉස්කෝල පොත" යොදාගෙන ෆේස්බුක් වල සිංහලෙන් ටයිප් කරන විදිහ. දැන් ඔයාල මේ Sinhala Tamil kit හෝ Sinhala Tamil Unicode කියන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන එහෙම ඇති නේද?
  • දැන් බලමු එහෙනම් කී බෝඩ් එකේ ඇගිලි තියාගන්න විදිහ.


sinhala keyboard layout danukazone සිංහල කීබෝඩ් දනුක සෝන්
sinhala keyboard layout danukazone සිංහල කීබෝඩ් දනුක සෝන්sinhala keyboard layout danukazone සිංහල කීබෝඩ් දනුක සෝන්



-- යාවත්කාලීන කරමින් පවතී --

old SinhalaFonts collection | සිංහල ෆොන්ට්


කී මෑන් වලට ආපු පරණ සිංහල ෆොන්ට් සෙට් එකක්.
අලුත් සෙට් එක 260mb විතර තියෙනව. ඒක අප්ලොඩි වෙනව තවම :D

How To Download
1. Click on the download links above
2. Wait for few seconds and then click on


මෙන්න යතුර:
-Dzone-


Old sinhala font collection (21) සිංහල ෆොන්ට්

-->

Windows Hotfix | Get Sinhala Unicode


Sinhala For Windows XP, Windows Vista & Windows7
කොටු කොටු පේන්නෙ නෑත්තම් මේක ඕන වෙන්නෙ නැහැ

Sinhala For Windows XP, Windows Vista & Windows7
Sinhala For Windows XP, Windows Vista & Windows7
Sinhala For Windows XP, Windows Vista & Windows7
Sinhala For Windows XP, Windows Vista & Windows7

Windows Hotfix | Get Sinhala සිංහල ෆොන්ට්  font 
You will be redirected to the script in

seconds