Rubik's Cube

Rubik's Cube
වර්ණ මුහුනත් කලවම් වූ රූබික්ස් කියුබයක් නැවත හරියට සකසන්නට සමහර අයෙකුට ජීවිත කාලය තුලදිවත් කරගන්නට බැරි තරම්ය. එහෙත් මෙම ක්‍රීඩාවෙ අභියෝගය අඩුම වාර ගණනකින් කියුබය පිලිවෙලට සැකසීමය.

1974 දී රූබික්ස් කියුබය නිර්මාණය කළ හංගේරියානු ගෘහ නිර්මාණශිල්පී ආචාර්ය අර්නෝ රූබික්වත් මේය නැවත සෑදිය හැකි අඩුම වාර ගණන දැන සිටියේ නැත. ඔහු එයට කීවේ දෙවියන්ගේ අංකය කියාය. 
ඕනෑම කලවම් වූ රූබික්ස් කියුබයක් යතා පරිදි සැකසීම සදහා එය චලනය කිරීමට (මෙතෙක් සොයාගත්) අඩුම වාර ගණන ; දැන් තිබෙන සුපිරි පරිගණකයකියන් ගණනය කොට තිබේ. ඒ ඇමරිකාවේ නෝර්ත් ඊස්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුන් දෙදෙනකු වන ඩැනියෙල් කුන්කල් හා ජීන් කූපර්මන් විසිනි.
 
Rubik's Cube

ඔවුන් ගණන් බැලූ විදිහට කලවම් වූ රූබික්ස් කියුබයක් යතා තත්වයට ගෙන එන්නට නම් එය බිලියන 43 වාරයක් නැවත සැකසිය යුතුය. එය සුපිරි පරිගණකයකටත් අවුරුදු ගණනක් ගතවෙන සංකීර්ණ ගණනය කිරීමකි.
එහෙත් ඩැනියෙල් කුන්කල් හා ජීන් කූපර්මන් මීට වෙනස් උපක්‍රමයක් යොදා ගත්තේය. රූබික්ස් කියුබයක් අර්ධවශයෙන් විසදූ විට ඒවා වෙන්කොට ගැනීමේ වැඩසටහනක් ඔවුහු සුපිරි පරිගණකයකට ලියනු ලැබුහ. ඉන්පසු මේවා නැවත විසදීමට උත්සහ දැරුවේය. එහිදී සමහර කලවමු වූ කියුබ් 29 වාරයක් එහාට මෙහාට කිරීමෙන් විසදුම ලබා ගත හැකි වුණේය. සමහර ඒවාට අවශ්‍ය වූයේ චලනය කිරීම් 26ක් පමණි.

Rubik's Cube

No comments:

Post a Comment

You will be redirected to the script in

seconds